Sipwaruna Cyber Class Fees සිප්වරුණ සයිබර් පන්ති ගාස්තු

Rs. 3,000.00

Availability: 100 in stock

Sipwaruna Cyber Class Recharge – සිප්වරුණ සයිබර් ක්ලාස් වවුචරය – රු: 3000

සිප්වරුණ පරිගණක පද්දතිය ඔබව හඳුනා ගන්නේ ඔබ අපවෙත ලබාදී ඇති දුරකතන/ ජා.හැ. අංකයෙන් බැවින්, බැංකුවට ගෙවා ලැබෙන කුවිතාන්සිය හෝ HOUSEHOLD.LK වෙතින් ලැබෙන Email පණිවුඩයේ subject තීරයට ඔබ සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන/ ජා.හැ. අංකය සඳහන් කර sipwaruna@gmail.com යන ලිපිනයට යොමු (Forward) කිරීමෙන් Email හෝ කෙටි පණිවිඩයක් මාර්ගයෙන් සිප්වරුණ RECHARGE කේතය ඔබට ලබාගත හැක.

සිප්වරුණ සයිබර් තක්සලාවට ලියාපදිංචි වීම සහ Cyber Class භාවිතය.
Sipwaruna Cyber School Registration and Cyber Class Usage.

ස්මාර්ට්ෆෝන් සඳහා දකුණුපස උඩින් ඇති තැඹිලිපාට මෙනුව දිග හරීමෙනුත්, පරිගණය සඳහා දකුණුපස උඩත් ඇති REGISTER බටන් එක කිලික් කිරීමෙනුත් පිවිසෙන්න. ඉන්පසු එහි ඇති ලියාපදිංචි වීම සඳහා ෆෝරමයේ ඇති සියලුම තොරතුරු නිවැරදිව සැපයිය යුතුය.

ඔබේ දරුවාගේ නම

සිප්වරුන සයිබර් තක්සලාවේ තුල ඔබේ දරුවා හැඳින්වීමට භාවිත කිරීම සඳහා දරුවාගේ මුල්නම පමණක් යොදන්න.

ජාතික හැඳුනුම්පත් අංකය / Sipwaruna username

සිප්වරුන සයිබර් තක්සලාව username ලෙස භාවිතාවන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය වේ. ඔබ සතුව ඇත්තේ ඉංග්‍රීසි අක්ෂරය සහිත හැඳුනුම්පතක් නම්(v,x), හිස්තැන් නොතියා සිම්පල් අකුර යොදන්න. ඔබට ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර රහිත නව හැඳුනුම්පතක් නම් එහි අංකය නිවැරදිව යොදන්න.

දැන් සිප්වරුණ මුල් පිටුවට ගොස් “ඇතුල්වන්න/ LOGIN” ස්ථානයෙන් ඔබ සකසාගත් සිප්වරුණ ගිණුම සහ රහස් පදය යොදා සිප්වරුණට ඇතුල්වන්න (LOGIN) වන්න පුළුවන්.

ඉන්පසු ඔබේ දරුවාගේ ප්‍රියතම සිප්වරුණ ගුරුභවතා තෝරාගෙන, ඔහු/ ඇය ගේ විස්තරය සහිත පිටුවට ගොස්, ඔබේ දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණිය Add Now කරගන්න. එහි සතිපතා සජීවී සිප්වරුණ සයිබර් පන්ති පවත්වන වෙලාව සඳහන්ව ඇත. එය මතක තබාගෙන පාඩම පටන් ගැනීමට විනාඩි 5 කට කලින් සිප්වරුණට ලොග් වී ඔබේ දරුවා සිප්වරුණ සයිබර් පන්තියට එක් කරන්න.

සිප්වරුණ සයිබර් කාලසටහනට අනුව, Register වූ දිනම පන්තියකට සහභාගී වීමට අවශ්‍ය නම් හෝ ඔබේ සිප්වරුණ ගිණුමේ ශේෂය 0 නම්, පන්තිය පැවැත්වීමට පැය 2 කට පෙර හෝ සවස 4.00 පෙර සිප්වරුණ ගිණුම RECHARGE කරගතයුතු බව සලකන්න.

එහිදී පාඩමට අවශ්‍ය නිබන්ධන තිබේනම්, ඩවුන්ලෝඩ් කර ලබා ගැනීමට රහස් පදයක් සමග ගුරුභවතා විසින් නොමිලේ ලබාදෙනු ඇත. මෙම පාඩම්වල යොදාගන්න නිබන්ධන, පාඩම් වලට සහභාගී නොවී අමතරව ලබාගැනීමට අවශ්‍යනම් Household.lk Online Store වෙතින් මිලදී ගතහැක.

තවද ඔබේ දරුවාට මඟහැරුණු කරුණු හෝ පුනරීක්ෂණ අවශ්‍යතාවය ඇත්නම්, අදාළ මාසික ගාස්තුව ගෙවා, ඔහු තවත් අමතර පන්තියකට උවද සම්බන්ධකල හැක. උදා: 5 ශ්‍රේණියේ ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ආසන්න පුනරීක්ෂනයකට 4 වන ශ්‍රේණියට යොමුකළ හැකි වීම සිප්වරුණ සයිබර් පන්තිවල ඇති විශේෂත්වයක්.

සිප්වරුණ සයිබර් තක්සලාවට ලියාපදිංචි වී පන්ති ගාස්තු ගෙවීමෙන් පසුව, දූ දරුවන්ට පහසුවෙන් ටැබ් සහ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් සිප්වරුණ පාඩම් හැදෑරීම සඳහා සිප්වරුණ ඇප් එක ළඟදීම ගුගල් ඇන්ඩ්‍රෝයිඩ් ප්ලේ ස්ටෝර් වෙත නිකුත්වනු ඇත.

SIPWARUNA.LK ලියාපදිංචිවීමේ ගැටළු සඳහා අමතන්න: 07060 777 01

තාක්ෂණික අවශ්‍යතා.

වඩා හොඳ සයිබර් ක්ලාස් video දර්ශණ ඔබේ පරිගණකයේ/ ස්මාර්ට්ෆොනයේ Firefox හෝ Chrome බ්‍රවුසර ඒවාහි අලුත්ම සංස්කරණයට යාවත්කාලීන Update කරගන්න. PDF බලාගැනීමට Adobe Acrobat Reader ය ස්ථාපනය (Install) කරගන්න.

SIPWARUNA.LK තාක්ෂණික සහය සඳහා අමතන්න: 07060 60 909

Cyber Class Fees – සයිබර් පන්ති ගාස්තු (එක ගුරුවරයෙක් සඳහා පමණි)

 

මාසිකව රු. 520/-

*ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තුද ඇතුලත්ව.

ත්‍රයි මාසිකව රු. 1500/-

අර්ධ වාර්ෂික රු. 3000/-

වාර්ෂිකව රු. 6000/-

*රු. 1500, 3000 සහ 6000 ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තු අය නොවේ.

පන්තිය සඳහා මුදල් ගෙවීම. ඒ සඳහා ක්‍රම කීපයක් ඇත.

HOUSEHOLD.LK අන්තර්ජාල ගෙවීම් (Credit Cards)

    1. මෙම පහසුකම ඔබට www.household.lk වෙබ් අඩවියෙහි සිප්වරුණ යන link එකෙන් පිවිසීමෙන් මාසික, ත්‍රියි මාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික සිප්වරුණ RECHARGE කාඩ්පත් මිලදීගත හැක.
    2. එහිදී ඔබට ලැබෙන Household.lk Email පණිවුඩයේ subject තීරයට ඔබ සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන අංකයම සඳහන් කර sipwaruna@gmail.com යන ලිපිනයට යොමු (Forward) කරන්න.
    3. එවිට ඔබට නැවත සිප්වරුණ RECHARGE කේතයක් SMS මාර්ගයෙන් ලැබෙනු ඇත. එම අංකය සිප්වරුණ මුල් පිටුවේ RECHARGE ලෙස සඳහන් ස්තානයට ඇතුල් කරන්න.
    4. දැන් ඔබේ දරුවාට තෝරාගත් සිප්වරුණ පන්ති කාලසටහනට අනුව නිවසේ සිටම සහභාගී විය හැක. පන්ති කාලසටහනට අනුව පාඩම පටන් ගැනීමට විනාඩි 5 කට කලින් සිප්වරුණට ලොග් වී ඔබේ දරුවා සිප්වරුණ සයිබර් පන්තියට එක කරන්න අමතක කරන්න එපා.HOUSEHOLD.LK තාක්ෂණික සහය සඳහා: 07060 60 909
මෙතෙක් කල් සිප්වරුණ සමුහයත් සමග සිට සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුළු වූ ඔබේ දරුවාගේ අධ්‍යාපන ජීවිතය සර්වර්ප්‍රකාරයෙන්ම සාර්ථක වීමට සිප්වරුණ අපෙන් උණුසුම් සුබපැතුම්!

 

සිප්වරුණ Team

SIPWARUNA.LK

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Scroll to Top