Sipwaruna Cyber Class Fees සිප්වරුණ සයිබර් පන්ති ගාස්තු

Rs. 1,550.00

Availability: 46 in stock

Store :

Sipwaruna Cyber Class Fees – සිප්වරුණ සයිබර් පන්ති ගාස්තු – රු: 1,550/-

වැදගත් / IMPORTANT

ඔබ පන්ති ගාස්තු ගෙවීමේදී පැහැදිලිව Reference/ Order Notes තුළ ඔබ සිප්වරුණ ගිණුම සඳහා යොදාගත් ජා.හැ.අ.(NIC) සඳහන් කිරීම අනිවාර්ය වේ. (උදා: 798654321v

ඔබේ  නිවැරදිව සම්පුර්ණ වූ ඇණවුම ස්වයන්ක්‍රීයව HOUSEHOLD.LK වෙත ලැබෙන නිසා නැවත Email එක Forward හෝ Call කිරීම අවශ්‍ය නොවේ. මෙම HOUSEHOLD.LK ගෙවීම් වලට නියමිත Email පණිවුඩය ලබුනාදයි පරීක්ෂා කරන්න. අප ඔබේ ගිණුම සක්‍රීය කරදෙනු ලැබේ.

සිප්වරුණ ගිණුම සක්‍රීය (TOPUP) කරන්නේ සම්මත නිවාඩු දින හැර වැඩකරන දිනවල පව: 4.00-6.00ත් අතර බව සලකන්න. අවසන් මොහොතේ හදිසි ගෙවීමක්නම් පමණක් ඉලක්කම් හතරේ(#0000) ඕඩර් නම්බරය සමග 0706 077 701 ට කතාකරන්න.

පන්තිය පැවැත්වීමට කලින් www.sipwaruna.lk වෙත ලොග් වී ඔබේ දරුවාගේ පන්තිය නැරඹීමට හැකි Watch ලෙස සැකසී ඇත්දැයි බලන්න. නොමැතිනම් පමණක් ඉලක්කම් හතරකින් යුත් ඕඩර් නම්බරය (#0000) සහ පන්ති තොරතුරු සමග WhatsApp පණිවුඩයක් පමණක් එවන්න.

ඔබ සිප්වරුණ ගිණුමටම පාවිච්චි කල ජංගම දුරකතනයම HOUSEHOLD.LK සඳහා භාවිතා කිරීමෙන් සිප්වරුණ ගිණුම ගැටළු අවම කරගත හැක.

අප ඔබවෙත යොමු කරන හදිසි පන්ති තොරතුරු ලැබීමේ ප්‍රමාදය මඟහැරීමට SIPWARUNA.LK පුවත් චැනලය Telegram App එක තුල ස්ථාපනය කර ඇති අතර ඇප් එක පහත Apple App Store/ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ දුරකථන අංකයෙන් ලියාපදිංචි වී සිප්වරුණ පුවත් හා සම්බන්ධවන්න. පසුගිය මගහැරුණ පන්ති සඳහා සිප්වරුණ යුටියුබ් මෙතැනින් සම්බන්ධවන්න  Sipwaruna TV Channel

සිප්වරුණ සයිබර් තක්සලාවට ලියාපදිංචි වීම සහ සහ අනෙකුත් උදවු
Sipwaruna Cyber School Registration and Help.

 

සිප්වරුණ සයිබර් තක්සලාව සමඟ එකතු වී නවීන තාක්ෂනය තුලින් ඔබේ දරුවාගේ අධ්‍යාපනය ගැනීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.

ආදරණීය දෙමාපියෙනි, ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන් හෝ පරිගණකයෙන් SIPWARUNA.LK යන වෙබ් ලින්ක් එක ඔස්සේ සිප්වරුණ වෙබ්සයිට් එක වෙත පිවිසෙන්න. ස්මාර්ට්ෆෝන් සඳහා දකුණුපස උඩින් ඇති තැඹිලිපාට මෙනුව දිග හරීමෙනුත්, පරිගණය සඳහා දකුණුපස උඩත් ඇති REGISTER බටන් එක කිලික් කිරීමෙනුත් පිවිසෙන්න. ඉන්පසු එහි ඇති ලියාපදිංචි වීම සඳහා ඇති ෆෝරමයේ සියලුම තොරතුරු නිවැරදිව සැපයිය යුතුය.

———————————————

සිප්වරුණට ලියාපදිංචි වීම

මව හෝ පියාගේ නම/ Parent’s Name

දරුවාගේ මව, පියා හෝ භාරකරුගේ නම යොදන්න.

ඔබේ දරුවාගේ නම/ Child’s Name

සිප්වරුණ සයිබර් පන්තියේදී ගුරුවරයාට දර්ශණය වීම සඳහා දරුවාගේ කෙටිනම පමණක් යොදන්න.

ජාතික හැඳුනුම්පත් අංකය/ NIC/ Username

සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුල්වීමේදී (login) ලෙස භාවිතාවන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය බැවින්, ඔබ සතුව ඇත්තේ ඉංග්‍රීසි අක්ෂරය සහිත හැඳුනුම්පතක් නම් (v,x), හිස්තැන් නොතියා සිම්පල් අකුර යොදන්න. ඔබට ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර රහිත නව හැඳුනුම්පතක් නම් එහි අංකය නිවැරදිව යොදන්න.

රහස් පදය/ Password

සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුල්වීමේදී ප්‍රධානම සාධකය වන්නේ රහස් පදය නිසා එය නිවැරදිව, මතක තබාගත හැකිලෙස ස්ථාපනය කරගැනීම අනිවාර්ය වේ. මෙහිදී අක්ෂර, ඉලක්කම් හා සංකේත 8කට නොඅඩු 15කට නොවැඩි විය යුතු අතර, ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයක්, සිම්පල් අක්ෂරයක්, ඉලක්කමක් සහ විශේෂ සංකේතයක් (@#& වැනි) යෙදීම අනිවාර්ය බව තරයේ මතක තබාගන්න.

රහස් පදය නැවතත්/ Re-Enter Password

ඔබ ඉහත යෙදු රහස් පදයම නැවතත් නිවැරදි ආකාරයට ලබාදීමෙන් එය තහවුරු කරන්න.

දුරකථනය/ Mobile

සිප්වරුණ විසින් ඔබවෙත ලබාදෙන හදිසි දැනුම්දීම් (SMS) හා දුරකථන ඇමතුම් ලබාදෙන්නේ මෙම අංකයට බැවින්, ඔබගේ නිරන්තරයෙන් භාවිතාකරන ජංගම දුරකථන අංකය යෙදීම අනිවාර්ය බව සලකන.

ඊමේල් ලිපිනය/ Email

ඔබගේ නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය මෙහි සඳහන් කරන්න. ලියාපදිංචි වීමට ඔබ භාවිතා කරන්නේ ජංගම දුරකතනයක් නම් keyboard shortcut භාවිතා කරනවිට අතරමැද අමතර හිස්තැන් ඇතිවී ඇත්දැයි නැවතත් පරීක්ෂා කරන්න.

ලඟම නගරය/ Nearest City

ඔබට ආසන්නම ප්‍රධාන නගරය තෝරාගන්න.

ඉහත සියලු තොරතුරු යලි නිවැරදි දැයි පරීක්ෂාකර බලා, ලියාපදිංචි වන්න/ Register බොත්තම තෝරන්න. ඉහත තොරතුරු ඔබ නිවැරදිව ලබාදී ඇත්නම්, ස්වයංක්‍රීයව ඔබ ඇතුල්වන්න/ Login ස්ථානයට යොමු කරනු ඇත. එසේ නොවුනේ නම් ඔබ ලබාදුන් තොරතුරු නැවත පරීක්ෂාකර බලන්න.

———————————————

සිප්වරුණට ඇතුල්වීම/ Login

ඇතුල්වීම/ Login

ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ලියාපදිංචි වීමේදී යෙදු ආකාරයටම ඇතුලත් කරන්න.

රහස් පදය / Password

ඔබ ලියාපදිංචි වීමේදී යෙදු රහස් පදය ඒ ආකාරයටම යොදන්න. නිවැරදිව ඇතුලත් වුවා නම් ප්‍රධාන මෙනුවේ කොලපාට LOGIN අයිකනය වෙනස් වී ඔබේ ජාතික හඳුනුම්පත් අංකය දිස්වනු ඇත.

———————————————

සිප්වරුණ ගුරුභවතුන් තෝරන්න / Choose Teachers

සිප්වරුන ප්‍රධාන මෙනුවේ teachers තෝරාගෙන ඇතුල්වන්න. ඉන්පසු ඔබේ දරුවාගේ ප්‍රියතම ගුරුභවතා තෝරාගන්න. එහිදී ඔබට ගුරුභවතා පිලිබඳ විස්තරයක් හා පවත්වන සයිබර් පන්ති සහ කාලසටහන දැකගත හැක. දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණිය අනුව එහි ඇති Add Now බොත්තම තෝරන්න. මේ ආකාරයට ඔබට ගුරු භවතුන් කීප දෙනෙකුගේ සයිබර් පන්ති තෝරාගැනීමට ඔබට හැකියාව ඇත.

———————————————

Cyber Class Fees/ සයිබර් පන්ති ගාස්තු

 

මාසිකව රු. 520/-

*ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තුද ඇතුලත්ව.

 

ත්‍රයි මාසිකව රු. 1550/-
අර්ධ වාර්ෂික රු. 3000/-
වාර්ෂිකව රු. 6000/-
*රු. 3000 සහ 6000 ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තු අය නොවේ.
———————————————
සයිබර් පන්තිවලට මුදල් ගෙවීමට ක්‍රම කීපයක් ඇත
 
HOUSEHOLD.LK අන්තර්ජාල ගෙවීම් (Credit Cards)

 

Visa, MasterCard, Amex, eZcash, mCash, Sampath Vishwa and etc.

මෙම පහසුකම ඔබට HOUSEHOLD.LK වෙබ් අඩවියෙහි සිප්වරුණ යන ලින්ක් එකෙන් පිවිසීමෙන් මාසික, ත්‍රියි මාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික සිප්වරුණ RECHARGE කාඩ්පත් මිලදීගත හැක.rge කරගත හැක.

මෙතෙක් කල් සිප්වරුණ සමුහයත් සමග සිට සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුළු වූ ඔබේ දරුවාගේ අධ්‍යාපන ජීවිතය සර්වර්ප්‍රකාරයෙන්ම සාර්ථක වීමට සිප්වරුණ අපෙන් උණුසුම් සුබපැතුම්!

 

සිප්වරුණ Team

SIPWARUNA.LK

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Select your currency
Scroll to Top