Keko New Sinhala TrueType Font Pack (12 Fonts)

Rs. 12,500.00

Store :

Keko New Sinhala TrueType Font Pack (12 Fonts) – අලුත්ම සිංහල ෆොන්ට්ස් 12ක්

සීමිත රුවකුරු රටා කීපයකින් අසීමිත කාර්යයන් රැසක් සිදුකරන භාෂාවක් වේ නම් ඒ සිංහල භාෂාවයි. අපි අලුත් සිංහල අකුරු නිර්මාණ ශිල්පින් වෙමු. සිංහල රුවකුරු කලාවට ගුණාත්මක සහ නිර්මාණාත්මක රුවකුරු දායාද කිරීම අපේ වෑයමයි. Sinhala is a language that performs an infinite number of functions with a limited number of font selections. So it is our endeavor to enrich the Sinhala Fonts landscape to create quality content in the social age.

ප්‍රකාශනය මුද්‍රිත මාධ්‍යයෙන් සමාජ මාධ්‍ය වෙත ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් තිබෙන මේ අවස්ථාවේ, එම ප්‍රකාශනයන් වඩාත් ආකර්ෂණීය ලෙස සහ නැවුම් ලෙස ඉදිරිපත් කරන්නට නිර්මාණකරුවන් හැම විටම උත්සාහ ගන්නා ආකාරය අද අපට සමාජ මාධ්‍ය තුළින් ඉතාමත් හොඳින් දැකගත හැකිය.

කුඩා ව්‍යාපාරයේ සිට මහා පරිමාණ සමාගම් පවා අද වනවිට සිය ප්‍රචාරණ යාන්ත්‍රණයේ වැඩි බරක් සමාජ මාධ්‍ය වෙත ලබා දී තිබේ. එහිදීද සිංහල බසින් පළ කෙරෙන ඉමේජ සහිත පෝස්ට් සඳහා වැඩි අවස්ථාවක්ද හිමිව තිබේ. මෙලෙස ප්‍රසිද්ධියට පත් කරන Social Media Post වැනි නිර්මාණ හරහා සෑම සමාජ මට්ටමකම සිටින සිය පාරිභෝගිකයන් මෙන්ම පාරිභෝගිකයන් නොවන පිරිස්ද ඇඳ බැඳ තබා ගැනීම ඔවුන්ගේ උත්සාහයයි.

අද මෙම නිර්මාණවලදී සිංහල අක්ෂරය වෙත වැඩි අවස්ථාවක් හිමි වන්නේ මෙම කරුණු හේතුවෙනි. එකිනෙකට වෙනස් සිංහල අක්ෂර හැඩයන් එසේත් නැත්නම් පරිගණක ෆෝන්ට්ස් (අද දවසේදී නිර්මාණකරුවන් අතර මෙය රුවකුරු යන සිංහල වචනය යොදා ගැනේ) සඳහා වන අවශ්‍යතාව සහ ඉල්ලුමද මේ අනුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. එම ඉල්ලුමට සැපයුම දෙන්නට මෙරට ප්‍රවීණ මෙන්ම ආධුනික අක්ෂර නිර්මාණකරුවන් රැසක්ම ඉදිරිපත්ව සිටියි.

චමින්ද කුමාර මේ අතර සිටින තවත් දක්ෂ නිර්මාණකරුවෙකි. පසුගියදා ඔහු සිය අක්ෂර නිර්මාණ 12ක් එකට ගොනුකර පැකේජයක් ලෙස පාරිභෝගිකයන් වෙත සාධාරණ මිලකට ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Select your currency
Scroll to Top